නීතිඥවරියගේ කෝටි 2ක රන් බඩු සේප්පුව එක්කම උස්සයි
වැල්ලවත්ත කවිරත්න පෙදෙසේ නීතිඥවරියකගේ දෙමහල් නිවසට ඇතුළු වී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා රන් ආභරණ තොගයක් බහා තිබූ සේප්පුව සොරාගත් සැකකරු සහ තවත් පුද්ගලයෙක් දින 05 වැනි කෙටි කාලයක් තුළදී අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු වන “වැල්ලවත්තේ උබයා” නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අතර, අපරාධ ගණනාවකට බන්ධනාගරගතව […]
