
පොහොර සංකීර්ණයේ කාපට් ඇතිරීමට තෝරාගත් සමාගමට රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ
වත්මන් රජයේ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කරනු ලැබූ නඩුකරයේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 05 දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (07දා) නියම කළේය. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබිණි.



