
ශිරාන් බාසික්ගේ නඩුවේ නඩු භාණ්ඩ කැඳවයි
හෙරොයින් මත්ද්‍රව්‍ය ලඟ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුවට අදාළ නඩු භාන්ඩ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් මඟින් අධිකරණයට එවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මෙනවිය රජයේ රස පරීක්ෂවරයාට අද (08) නියම කළාය.







