
කථානායකගේ වැඩ නිසා වරප්‍රසාද කඩ වෙලා
කතානායකට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම කතානායකවරයා විසින්ම ප්‍රතික්ෂේප කිරීම වරප්‍රසාද කඩ වීමක් සහ ප්රජාතන්ත්රවාදයට මරු පහරක් එල්ල කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
News source
Default language: Sinhala

කතානායකට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම කතානායකවරයා විසින්ම ප්‍රතික්ෂේප කිරීම වරප්‍රසාද කඩ වීමක් සහ ප්රජාතන්ත්රවාදයට මරු පහරක් එල්ල කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට නොගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය මතු කිරීමෙන් මැතිසබයේ උණුසුම් තත්ත්වයක් මීට ස්වල්ප මොහොතකට පෙර ඇතිවිය.

කැලණිය සරසවියේ ජයතිලක කාන්තා නේවාසිකාගාරයක කාමරයක් තුළ අද (03)පෙරවරුවේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.

මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්ව් සාලි මහතා පාර්ලිමේන්තුවේ අද පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිවාරය සහ එමඟින් අවධානය යොමු කෙරුණු චීනයේ අනාගත දේශපාලන හා ආර්ථික දිශානතිය පිළිබඳ විද්වත් සංවාදයක් කොළඹදී පැවැත්විණ.

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වේ. මැදපෙරදිග අර්බුදය සම්බන්ධ කල් තැබීමේ අවස්ථාවේ විවාදයක් අද පැවැත්වීමට නියමිතය. විවාදයේ යෝජනාව ගෙන එනු ලබන්නේ ආණ්ඩු පක්ෂය විසිනි.

බලශක්ති හිටපු අමාත්‍ය පාඨලී චම්පි චම්පික රණවක මහතා ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිෂන් සභාවට හෙට (04) බදාදා කැඳවා ඇත.

වීසා බලපත්‍ර නොමැතිව මරදාන ටෙක්නිකල් හන්දිය ගොඩනැගිල්ලක රැඳී සිටි විදේශීය ජාතිකයන් 21 දෙනකු අත්අඩංගුවට ගත් බවත් නාරහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට එරෙහි විරෝධතා පවත්වමින් පොදු දේපළට හානි කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 41 දෙනකුට එරෙහිව පැවරූ නඩුව හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද කැඳවූ අවස්ථාවේ එම නඩුකරය හම්බන්තොට මහාධිකරණය වෙත යොමු කර සැකකරුවන්ට අධි චෝදනා ලබාදීම මෙම 16 වැනි දා කරන බවට හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා දැනුම් දුන්නේය.

කලාවැව ආශ්‍රිතව සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමේදී අනවසර ගිනි අවි ඇතුළු නඩු භාණ්ඩ රැසක් අත්අඩංගුවට පත් වී ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි.

පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහා ගෑස් සිලින්ඩර් තොගයක් තම සන්තකයේ තිබියදී ගෑස් නොමැති බව පවසා අලෙවි කිරීම ප්‍රතික්ෂේප කළ මහනුවර ප්‍රදේශයේ වෙළෙන්දෙකුට මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දඩ මුදලක් නියම කර ඇති අතර, වැටලීමේදී සොයාගත් කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩර් 28ම රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග කර තිබේ.

ත්‍රිකුණාමලය - මහනුවර මාර්ගයේ කප්පල්තුරේ හන්දියේදී දී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක් අයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කාන්තාවන් කීපදෙනකු ඇසුරු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සේවයෙන් පහ කිරීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇත.

මැදපෙරදිග යුදමය වාතාවරණයෙන් මෙරටට සිදුව ඇති බලපෑම පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (03) පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වේ.

“1983 කළු ජූලි ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමට සහ ජාතික සහජීවනය තහවුරු කිරීම සහ පීඩාවට පත් පිරිස වෙත සහන සැලසීම පිළිබඳ සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” පත් කිරීම සඳහා වන යෝජනාව අනුමතිය සඳහා හෙට 03 අගහරුවාදා, පෙ.ව 11.30 ට ඉදිරිපත් කිරීමට නියමිතය.

අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම සහ අලි - මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් දිවයින පුරා ‘හස්ති සේනා’ මෙහෙයුම ගල්කිරියාගම ප්‍රදේශයෙන් ආරම්භ කර තිබේ.

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ජනපදයේ පාම් බීච් ප්‍රදේශයේ ගුවන් අනතුරක් සිදුවිය. අනතුරට ලක්වී කඩා වැටුණේ කුඩා සැහැල්ලු ගුවන් යානයකි. අනතුරින් මියගිය ගණන 9 කි.

ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ගයානේෂ් කුමාර් වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බල කරමින්, නවදිල්ලි නුවර දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්රස් පක්ෂය මෙම විරෝධතාව සංවිධානය කර තිබුණු බවත් දහස් ගණනක් ඊට සහභාගී වුණු බවත් පැවැසෙයි.

ඩීසල් මිළ ඉහළ දැමුවද බස් ගාස්තු වල වෙනසක් සිදු නොවන බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි.

ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණය හෙට (3) පැවැත්වෙයි. ඇමෙරිකා මධ්‍යවාර මැතිවරණය යනු ජනාධිපතිවරයාගේ සිවු වසරක ධුර කාලයෙන් වසර 2ක් ගතවන තැන පැවැත්වෙන තීරණාත්මක මැතිවරණයයි.