
නව චීන තානාපති - අගමැතිනිය හමුවෙයි
ශ්‍රී ලංකාවේ නව චීන තනාපති ලෙස පත් වූ වේයි හුවාෂියැං මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

ශ්‍රී ලංකාවේ නව චීන තනාපති ලෙස පත් වූ වේයි හුවාෂියැං මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මට්ටක්කුලිය රාශපුලම් කන්ද හතරමං හන්දියේදී මෝටර් රථයක් වාහන හතක ගැටී පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් අට දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත. මෙම කෙටුම්පත ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන හෘද රෝග සත්කාර සේවාවන් ලබා දීමේ අරමුණින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) සිදු විය.

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ ඇතැම් ස්ථානවල නායයෑම් පූර්ව ලක්ෂණ මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඇතුළු නිලධාරීන් විවිධ පුද්ගලයන්ගෙන් සාද සහ විනෝද චාරිකා යනාදී වශයෙන් වරප්‍රසාද ලබාගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

කළුතර දකුණ දුම්රි ස්ථානයේදී දුම්රියක ගැටී මතුගම හොරවලෙන් සහ උඩවෙලට පදිංචි වන 58 සහ 53 හැවිරිදි කාන්තාවන් දෙදෙනු මියගොස් ඇති අතර ඔවුන් අනුරාධපුර යාමට දුම්රියෙන් ගමන් කිරීමට පැමිණෙමින් අනතුරව සිදුවීය. කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මහියංගන ඇලාවෙල ප්‍රදේශයේ නිවසක ගෙවත්තක භාවිතා නොකරන පැරණි ජලනලයක් තුල සඟවා තිබූ T56 උණ්ඩ 5ක් සමග කොණ්ඩාකපන්නෙකු අත් අඩංගුවට ගත් බව මහියංගන පොලිසිය පවසයි .

සෞදියේ මක්කම නගරය ඉලක්ක කරගනිමින්, යේමනයේ ෂියා මුස්ලිම් හූති සටන්කාමීන් එවූ පුපුරන ද්‍රව්‍ය ඇටවූ නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් ගුවනේදීම පහර දී විනාශ කිරීමට සෞදි ආරක්ෂක අංශ සමත් විය.

යේමනයේ හූති සටන්කාමීන්ගේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන්, සෞදි අරාබියේ බටහිර කලාපයේ හටගෙන ඇති හදිසි තත්ත්වයක් සැලකිල්ලට ගනිමින්, එහි වෙසෙන ශ්‍රී ලංකා පුරවැසියන් දැඩි අවධානයෙන් මෙන්ම ආරක්ෂාවෙන් පසුවන්නැයි ජෙඩා ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විශේෂ හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කර ඇත.

හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවැති ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශුර රුමේෂ් තරංගට ඇමෙරිකානු ඩොලර් 150,000 ක් හෙවත් ශ්‍රී ලංකා රැපියල් කෝටි 6 කට වැඩි මුදලක් ත්‍යාග ලෙස හිමිවිය.

ඉන්දියානු කාන්තා ක්‍රිකට් පිල ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එහි අනුශූරතාව හිමිවිය.

මෙරට ජනතාවට එල්නිනෝ බලපෑමේ සම්භාවිතාව 100%ක් බැවින් සියලු දෙනා එකට එකතු වී මෙම භයංකාර තත්ත්වය මඟහරවා ගැනිම කටයුතු කළ යුතු බව සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පලාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලත් හෙට(15) දිනයේ ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Wei Huaxiang මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අතර සාකච්ඡාවක් බත්තරමුල්ල ගොවිජන මන්දිරයේදී අද(14) පැවැත්විණි.

සෑම සුනඛයෙකුම අදාළ පළාත් පාලන ආයතනයේ වාර්ෂිකව ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරෙන පනත් කෙටුම්පතක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ගැසට් කර අුැත

අනුරාධපුර රැලියේ ඊයේ දකින්නට ලැබුණේ චූටි ගෝත්‍රික කණ්ඩායමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කහටගස්දිගිලියේ දී අද(13) පැවසීය.

තමන්ට පහර නොදෙන ලෙස ඉරානයේ සහාය ලැබෙන යේමනයේ හූති සටන්කාමීන් ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කළ බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.

ව්‍යාපාරිකයකු විසින් පමුණුගම වහටියගම ඒපාමුල්ල වෙරළතීරයේ මීටර් 226 පමණවු දුරක බැදගෙන යමින් තිබු ආරක්ෂක ගේබියෙන් බැම්ම (කලුගල් බැම්ම) සදහා නිකුත් කරතිබු CCCRM/13065 දරණ බලපත්‍රය තාවකාලිකව අත් හිටවීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පී.බී.ටර්නි පෙරේරා විසින් ලිඛිතව නියෝග කර ඇත.

ඉරාකයේ සිට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමග සෞදි අරාබිය පසුගිය 11 වැනිදා සිය ප්‍රධාන තෙල් නළ මාර්ගයක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.