
ඌවපරණගම දබගොල්ල කන්ද පුපුරලා
ඌවපරනගම යාලගමුව දබගොල්ල කන්ද ඉරිතලා පුපුරා ගොස් නායයාමේ අවධානමක ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (20) පැවසීය .
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

ඌවපරනගම යාලගමුව දබගොල්ල කන්ද ඉරිතලා පුපුරා ගොස් නායයාමේ අවධානමක ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (20) පැවසීය .

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන් මුහුණ දෙන ගැටලු, පැමිණිලි සහ අදහස් ලබා ගැනීම සඳහා 074 245 3300 යන වට්ස්ඇප් දුරකථන අංකය අද (19) විවෘත කළේය.

ජනාධිපති අරමුදලින් විශ්ව විද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණ උපකරණ ලබා දීමේ වැඩසටහනේ පළමු වැඩසටහන අද (19) දිනය පුරා රජරට විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

පවතින වැසි තත්වය හේතුවෙන් පූජාපිටිය - මැදවෙල මාර්ගය මඩදෙණිය ප්‍රදේශයෙන් ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා ඇති බව මාර්ග සංවර්ධන අධිකරිය සඳහන් කරයි.

කොහුවල විජයබා මාවත,නිවසකින් ගිනි අවි තුනක් හා මත්ද්‍රවය සමග පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය කාර්යාලයීය සුබසාධක සංගමය සංවිධානය කරන ලද ලේ දන්දීමේ කඳවුර අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සාර්ථකව පැවැත්විණි.

සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී සිටින අනෝජන් සිවරාජා නමැති ලාංකික තරුණයා නිදහස් කරගැනීම සඳහා තමා ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දීර්ඝව කතා කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා ප්‍රකාශ කළේය.

අධිවේගයේ ගමන් කරන වාහනවල සියලුම පියතුරන් මෙන්ම මගීන් ආසන පටි පැළඳීම අද(19) සිට අනිවාර්යය වෙයි.

බඩල්ගම මස් සැකසුම් ආයතනයක සේවයේ නියුතු තරුණියන් තිදෙනකු හා තරුණයකු කාබන් කර්මාන්ත ශාලාව පිටුපස මා ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේ තරුණයකු සහ තරුණියක දියේ ගිලී මියගොස් ඇති අතර තවත් තරුණියන් දෙදෙනකු ගසාගෙන ගොස් අතුරුහන්ව ඇතැයි බඩල්ගම පොලිසිය කියයි.

විවිධ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හෝ වෙනත් අංශ විමර්ශන ආරම්භ කිරීමෙන් පසු බොරු ලෙඩ මවාපාමින් විදේශගතවීමට උත්සාහ දරන දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ගැන තොරතුරු සොයා බැලීමක් කරන ලෙස රජය, බුද්ධි අංශවලට දැනුම්දී ඇත.

නඩත්තු කටයුතු සහ රොන්මඩ ඉවත් කිරීම සඳහා සම්පූර්ණයෙන්ම හිස් කළ බෝවතැන්න ජලාශය නැවත සම්පූර්ණයෙන්ම ජලය පුරවා අවසන් කළ බව ජලාශභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා අද පැවසීය.

වයඹ පළාත් ක්‍රීඩා නිලධාරිනියක සහ වෙරළ වොලිබෝල් විනිසුරුවරියක් කුරුණෑගල - මීගමුව ප්‍රධාන මාර්ගයේ මැටියගනේ, දුම්මලේවත්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් මරණයට පත්ව ඇතැයි නාරම්වල පොලිසිය කියයි.

Former MP Premasiri Manage, secretary of the Retired Parliamentarians' Forum, has written to the UN Human Rights Commissioner requesting an urgent inquiry into the lack of legal action over property damage incurred during Sri Lanka's 2022 protest struggle. He alleges that police and the Attorney General's Department have failed to act, and suspects an 'invisible hand' is preventing legal proceedings. The damage to MPs' and ex-MPs' properties on May 9, 2022 is estimated at over Rs. 200 crore.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඩී.එන්.ඒ වාර්තා වෙනුවෙන් පොලිස් ස්ථානවලින් අය කර ගත යුතු රුපියල් කෝටියක ආසන්න මුදලක් අය කර ගැනීමට කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිම් කලාපයේ වනාතවිල්ලුව පරණ එළුවන්කුලම නෙළුම්වැව ප්‍රදේශයේ කුඹුක් ගස් 500ක් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස්දී ඇත.

මහියංගන සොරබොර වැව ප්‍රදේශයේ නිවසක කාමරයේ ඇදක් යට සගවා තිබූ විදේශ රටක නිෂ්පාදිත මිළිමීටර් 9 වර්ගයේ පිස්තෝල දෙකක්, පොලිස් නිළ ඇදුම් කට්ටල 4ක්, මත්ද්‍රව්‍ය ග්‍රෑම් 239යි මිළිග්රෑම් 620ක් සිය බාරයට ගත් බව මහියංගන පොලිසිය පවසයි .

පැලවත්ත හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ වැඩ කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අමතමින් අද පැවසීය.

වසර 100 කට පසු, නව වල් බළල් විශේෂයක් බොලිවියාවෙන් හමුවුණු බව විද්‍යාඥයෝ පවසති. ටිල්කයා බළලා (Tilcaya cat) යනුවෙන් පොදු නමින් හැදින්වෙන මේ සත්වයාගේ විද්‍යාත්මක නාමය ‘ලියෝපාර්ඩ්ස් ටිල්කයෝ’ (Leopardus tilcayo) ය.

දුම්රිය සාමාන්යාධිකාරියවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩවර්ජන හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 5 කට ආසන්න ආදායමක් අහිමි වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු අද (18) ’ලංකාදීප’යට පැවසීය.

එයාර් බස් ගණුදෙනුවේ සැකකරුවකු ලෙස ඉදිරිපත් කළ නාමල් රාජපක්ෂ මහතා අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශයක් සිදුකර අධිකරණයට අපහාසයක් කර ඇද්ද ? නැද්ද?යන්න පිළිබඳව විමර්ශනයක් සිදු කර කරුණු වාර්තා කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා පොලිස්පතිවරයාට අද නියෝග කළේය.