
ජෙට් ඉන්ධන නළ මාර්ගයේ - නව තෙල් ටැංකි සංකීර්ණයේ ඉදිකිරීම් ඇරැඹේ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) ජෙට් A-1 නළ මාර්ග පද්ධතියද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට (CPSTL) අයත් නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙකකද ඉදිකිරීම් ඇරැඹීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (02) ආරම්භ කෙරිණි.



















