
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අක්ෂි රෝහල වෙත අද (09) රැගෙන විත් තිබේ. ඇසක පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ ඇය (08) බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර එහිදී ලබා දුන් වෛද්‍ය නිර්දේශ මත ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය පෞද්ගලික රෝහලටකට ඉදිරිපත් නොකර ජාතික අක්ෂි රෝහලට හෙට (9) ඉදිරිපත් කිරීම නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පැවැසීය.
Former First Lady Shiranthi Rajapaksa, who is currently in remand custody, will not be taken to a private hospital in Colombo today (8), the Department of Prisons said. ..