
මාස නවයක සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසර හිමියන්ට එරෙහි නඩුකරය පෙබරවාරි මස 25 වැනිදා යළි කැඳවන ලෙස අද (07) කැඳවූ අවස්ථාවේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. නඩුව සඳහා ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. උන්වහන්සේගේ නීතිඥවරයා සඳහන් කළේ, මෙම සිරදඬුවමට එරෙහිව සේවාදායකහිමියන් මේ වන […]

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරදඬුවම් හිමි වූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිටපු හිමි හෙට දිනයේ (07) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අධිකරණ තුනකින් වරෙන්තු ලබා සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ට සැඟව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බැංකු නිලධාරියෙකු ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී සිරදඬුවම් නියම වු “බොදු බල සේනා’ සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඉස්ලාම් ආගමට අපහාස කර ආගමික සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ ඥානසාර හිමියන් වෙනත් නඩුවක් සඳහා අද (6) කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබන්නේ චීවරයෙන් නොවන බව බන්ධනාගාර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි
Bodu Bala Sena (BBS) General Secretary Ven. Galagodaaththe Gnanasara Thera, who was sentenced to a term of imprisonment, has been brought before the Colombo High Court. ..