
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය. අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අද අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඥානසාර […]
වරෙන්තුවක් නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෙට (05) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. උන්වහන්සේ හෙට අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඥානසාර හිමියන් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

තිනියාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Venerable Galagoda Aththe Gnanasara Thera, who was arrested last night at the Thiniyawala Aranya Senasanaya in Kalutara while an open warrant was in effect against him, is due to be produced before court today (4). ..