
ආණ්ඩුව වට්ටන්න තියා හිතන්නවත් එපා
ආණ්ඩුව වට්ටන්න තියා ඒ ගැන හිතන්නවත් ඉඩක් නැති තරමට සුවිසල් සමාජ පරිවර්තනයක් සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැලිගම ජන රැළියේදී පැවැසීය.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

ආණ්ඩුව වට්ටන්න තියා ඒ ගැන හිතන්නවත් ඉඩක් නැති තරමට සුවිසල් සමාජ පරිවර්තනයක් සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැලිගම ජන රැළියේදී පැවැසීය.

යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමෙන් පසු, පළමු වරට රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විණි. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරැණු අතර ජනාධිපති පුටින්ගේ‘ එක්සත් රුසියා’ පක්ෂයට පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට හැකිවිය.

සැප්තැම්බර් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ, සැප්තැම්බර් 22 සහ 23 යන දිනවලට අදාළව පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් නමැති ශ්‍රී ලාංකික තරුණයාට ජීවිත සමාවක් ලබා ගැනීම සඳහා සෞදි තානාපතිවරයා හරහා සෞදි රජතුමාගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවැසීය.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැවති අයහපත් කාලගුණ තත්වය (21) දින අලුයම වන විට තරමක් පහව ගොස් ඇත.

මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා ස්ථාපනය කරනු ලබන දකුණු පළාත් බැටරි බලශක්ති ගබඩා පද්ධතිය වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික විදුලි පද්ධතියට නිල වශයෙන් සම්බන්ධ කරනු ලැබිණි.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන සිංහල සහ දමිළ පාසල් 13කට අද (21) දින නිවාඩු ලබා දුන් බව එම කලාප කාර්යාලවල අධ්‍යක්ෂකවරු පැවසති.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට ලබා දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

සෞදියේ මරණීය දණ්ඩනයට නියමව සිටින අනෝජන් ශිවරාසා නැමැති ශ්‍රී ලංකා තරුණයාට සමාවක් ගැනීමට හෝ දඬුවම ලිහිල් කර ගැනීමට රජය මැදිහත්ව සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය

උසස් පෙළ විභාගය 2026 ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින වකවානු පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

වරාය පරිශ්‍රයේ රේගු නිලධාරීන්ට දිවා සහ රාත්‍රි ආහාර සැපයීම වෙනුවෙන් පසුගිය වසරේදී නියමිත ප්‍රසම්පාදනයෙන් තොරව රුපියල් හාර කෝටි එකොළොස් ලක්ෂයකට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සදහන් වේ.

US President Donald Trump is preparing to establish a special force called 'AI Forces' and plans to appoint a special chief for it. Trump stated on Truth Social that his administration will not hinder the development of the AI industry. There is growing fear in America regarding AI technology development, with leaders of major AI companies calling for AI regulation.

‘සී.එන්.එන්’, ‘එම් එස් නව්’ සහ ‘පොලිටිකෝ’ යන ඇමෙරිකන් මාධ්‍ය ආයතන සඳහා, ධවල මන්දිරය තහනම් කිරීමට ඇමෙරිකත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම මාධ්‍ය ආයතන සූදානම් වෙයි.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, බන්ධනාගාරගතව සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සොහොයුරියක වන අලීමා ඛෝම් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 43 කට නායයෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 20 පස්වරුවේ නිකුත් කළේය.

බෝකුන්දර - රත්මලාන මාර්ගයේ කරදියාන පාලම ආසන්නයේ මාර්ගයට ඊයේ (20) රාත්‍රී විශාල කිඹුලකු පැමිණ සිටින අයුරු දක්නට ලැබිණි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ජපානයේදී දැන් පැවත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙවත් රන් පදක්කම් තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.

පවතින අධික වර්ෂාවත් සමග මාර්ග සහ පහත් බිම්, පාසල් බිම් වැසි ජලයෙන් යටවීමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් පවත්වාගෙන යාමේ බලය ඒ ඒ පාසල්වල විදුහල්පතිවරුන්ට පැවැරූ බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්. දිසානායක මහතා පවසයි.

විභාග දෙපාර්තමේන්තුව , රාජ්‍ය විශ්වවිද්‍යාල , රාජ්‍ය ආයතන , පෞද්ගලික විශ්වවිද්‍යාල , පෞද්ගලික ආයතනයන්හි විවිධ නිලතල මෙන්ම නම්ද සහිතව මුද්‍රා ව්‍යාජ ලෙස සකස්කර සහතික නිකුත් කළ බව කියන පුද්ගලයකු සමග විවිධ ආයතන සහ නිලධාරීන්ගේ තනතුරු සඳහා භාවිතා කරන මුද්‍රා 50 ක් ඇතුළු මුද්‍රණ යන්ත්‍ර කිහිපයක්ද අත් අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය සදහන් කරයි.

මත්ද්‍රවය යොදා බෝලයක් වැනි ආකාරයෙන් පාර්සලක් තනා වැලිකඩ කාන්තා රැඳවියන්ගේ බන්ධනාගාර පරිශ්‍රය තුළට විසි කිරීමට සූදානමින් සිටි පුද්ගලයකු ටි 20 වත්ත රේල් පාර අසලදී අත්අඩංගුවට ගත් බව සහස්පුර පොලිසිය සඳහන් කරයි.