
ට්‍රම්ප්ගෙන් චීන ජනපතිට උණුසුම් පිළිගැනීමක්
චීන ජනාධිපති ෂී ජින්පින් සහ බිරිඳ පෙන්ග් ලියුආන්, නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවට පැමිණියහ. චීන ජනාධිපතිවරයා සහ බිරිඳ රැගත් විශේෂ නිල ගුවන් යානය, ගොඩබෑවේ වොෂින්ටනයේ ඇන්ඩෲස් හමුදා කඳවුරටය.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

චීන ජනාධිපති ෂී ජින්පින් සහ බිරිඳ පෙන්ග් ලියුආන්, නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවට පැමිණියහ. චීන ජනාධිපතිවරයා සහ බිරිඳ රැගත් විශේෂ නිල ගුවන් යානය, ගොඩබෑවේ වොෂින්ටනයේ ඇන්ඩෲස් හමුදා කඳවුරටය.

වැඩි මිලට පානීය ජල බෝතලයක් අලෙවි කල දඹුල්ල සංචාරක හෝටලයකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඓතිහාසික කුරුණෑගල රිදී විහාරය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ යෝජනාව පිළිබඳ මූලික සාකච්ඡාවක් කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

කිතුල්ගල, මහබාගේ ප්‍රදේශයේ මන්නකැති ඇල්ලේ දිය නෑමට ගිය හෝටල් සේවකයන් දෙදෙනකුගෙන් එක් අයකු මියගොස් තවත් අයකු අතුරුදන්ව ඇතැයි කිතුල්ගල පොලිසිය කියයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් වාහිඩ් මහතා පසුගියදා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරයට හබීබ් රිෆාන් මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

පලාත් 8 ක වාහන ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාය හෙට (25) සිට ලබන සඳුදා (28) දක්වා තාවකාලිකව අත්හිටුවන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනය කරයි.

ව්‍යාජ සමාගම් පිහිටුවා කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත පිටරට පැටවූ ජාවාරම්කරුවන් සමග එක්ව රේගුවට හොර රහසේ අඩු වටිනාකම් යොදා භාණ්ඩ ආනයනය කර රටට බදු ආදායම් අහිමි කළ ප්‍රසිද්ධ සමාගම් 21 හඳුනාගෙන ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා පැවසීය.

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ බී කොටසේ හටගත් හදිසි ගිනිගැනීමකින් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තවත් සිවුදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජනබලවේගය සංවිධානය කරන විරෝධතාවයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) කොළඹදී පැවැත්වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ සංශෝධන ඇතුළත් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (24) ආරම්භවේ.

විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් කෝටි 1721ක මූල්‍යමය සහනාධාරයක් ලබා දීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව (බලශක්ති අමාත්‍යාංශයට අදාළ 2026 අංක 05 දරන පරිපූරක ඇස්තමේන්තුව) සහ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (23) සම්මත විය.

බම්බලපිටිය ‘මැරීනෝ බීච්’ හෝටලය පිහිටි ඉඩම දම්රෝ සමාගමට විකිණීමේදී රුපියල් බිලියනයක පමණ මුදලකට අදාළව සාපරාධී විශ්වාසය කඩ කළැයි කියන සිද්ධියකට අදාළව කටුනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බි්රතාන්ය ජාතිකයකු පෙර ඇප මත මුදාහැරීමට නියම කළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඔක්තෝම්බර් 21 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුට නියම කළේය.

ඉන්ධන සඳහා රජයෙන් ලැබෙන සහනාධාරය කොපමණ දැයි ලබන සතියේ තීරණය කරන බවත් සහනාධාරය ලැබෙන ප්‍රමාණය අනුව ඉන්ධන මිල තීරණය වන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (23) පැවසීය.

විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරිමට පැමිණි විදුලි බල මණ්ඩලයේ සේවකයකුට පහර දුන් බව කියන හලාවත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරයකු අද දහවල් අත් අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය කියයි.

හැටන් නගරයේ ත්‍රීරෝද රථ අලෙවි කරන ස්ථානයක එන්ජිමේ අංකය ව්‍යාජ ලෙස කොටා අලෙවි කිරිමට තිබූ ත්‍රීරෝද රථ තුනක් අත්අඩංගුවට ගත් එම වෙළෙඳහලේ හිමිකරු ලබන 29 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කළේය.

ඔහිය ප්‍රදේශයට අද (23) දින උදැසන ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය උමං මාර්ගයක් අසළට ගසක් කඩා වැටීමෙන් බදුල්ල සිට නානුඔය දක්වාත්, නානුඔය සිට බදුල්ල දක්වාත් ධාවනය වූ දුම්රියන් කිහිපයක් පැය කිහිපයක් ප්‍රමාද වී ධාවනය වූ බව නානුඔය දුම්රිය ස්ථනයේ නිළධාරියෙකු පැවසීය.

ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු හා විධිමත් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත් කරන ලද, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී ආබාධ සහිත තැනැත්තන් මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පිහිටුවන ලද විශේෂ කමිටුව පාර්ලිමේන්තුවේදී පළමු වරට රැස්විය.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලිපි සහ ශීර්ෂ බවට හැඟෙවෙන ලෙස ව්‍යාජ ශීර්ෂ පාඨ, නිළ මුද්‍රා භාවිතා කරමින් එහි ගණකාධිකාරි සහ සැළසුම් අධ්යක්ෂවරයාගේ අත්සනට හොරට යොදා රජයේ රැකියා, නිවාස සහ ණය ලබා දෙන බව කියමින් මුදල් එකතු කළ සැකකරුවන් දෙදෙනකු අත්අංගුවට ගත් බව නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශ නිලධාරීහු පවසති.

මත්තේගොඩ නිවාස සංකීර්ණය අසල යතුරුපැදි අලුත් වැඩියා කරන ආයතනයක අද දහවල් ඇතිවූ ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි මත්තේගොඩ පොලීසිය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන “සුජාත දියණි” සහ “තාක්ෂණවේදය” ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ මාසිකව ගෙවනු ලබන රුපියල් 750 දීමනාව ලබන වසරේ සිට රුපියල් 1500ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.