
22 ඡන්දෙට මන්ත්‍රීන් තුනක් නෑ
22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඡන්ද විමසීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් සහභාගී නොවූහ.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඡන්ද විමසීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් සහභාගී නොවූහ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංශෝධන ඇතුළත් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (25) රාත්‍රී සම්මතවිය.

ආණ්ඩුව කිතුලට ගිය මිනිහා වගේ විසි දෙවැනි සංශෝධනය සාධාරණීකරණය කරන්නට උත්සාහ කරන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්රීනී නීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය පැවසුවාය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අක්ෂි ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටින හෙයින් එම කටයුතු නිමවා ලංකාවට පැමිණි වහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින බව ඇයගේ නීතිඥවරයෙකු එම කොට්ඨාශයට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.

තමුන්නාන්සේලා පත් කළේ රටේ වැරදි නිවැරදි කරන්න මිසක් පහුගිය කාලෙ සිදු වෙච්ච වැරදි නැවත කරන්න නොවේ යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා:-(ස.ජ.බ) මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අපි ළඟදීම දවසක බැරියර් කඩාගෙන එනවා යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මන්ත්‍රීවරයා මේ බව කීවේ 22 වැනි ආණ්ඩුක්‍රම ඉවස්ථා සංශෝධන විවාදය අමතමිනි.

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සැරිසරමින් සිටි කාවන්තිස්ස ඇතාගේ දකුණු අතේ ඉහල කොටසේ තුවාලයක් ඇතැයි කාවන්තිස්සට ඊයේ (24) සිට ප්‍රතිකාර ආරම්භ කළ බව ගල්ගමුව වනජීවී කලාප කාර්යාලය කියයි

කොළඹ මහාධිකරණයේ ආරච්චිවරයකුට අල්ලස් පිරිනැමුවේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන කොළඹ 7 පදිංචි චිරාණි ලක්මන්ති හෙනරත් හෙට්ටිආරච්චි ලබන හය දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.

22ට එරෙහි විපක්ෂයේ සිංහ ගර්ජනාව ඇතුළෙන් ඇහෙන්නේ අඳෝනාවක් බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආණ්ඩුව පවත්වාගෙන යන්න කිසිසේත්ම 22 සංශෝධනය අවශ්‍ය නැතැයි සභානායක මහා මාර්ග , ප්‍රවාහන සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රජයේ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව පොස්පේට් ආනයනය කිරීම සඳහා සමාගම් තුනකට අවස්ථාව සලසා දෙමින් රුපියල් ලක්ෂ 81ක මුදලක් බැංකු ගිණුමකට බැර කරවා ගත්තේ යැයි සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් පැවැසීය.

ආබාධිත පුද්ගලයකුට නිවාස සෑදීම සදහා රජයේ මුදල් ලබාදීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා එයින් රුපියල් 25000ක් ලබා ගැනීමේ චෝදනාවට කොළඹ මහාධිකරණය මගින් වරදකරු කොට බරපතළ වැඩ ඇතිව වසර පහක සිර දඬුවම් නියමව සිටි රත්නපුර කුඩාව ප්‍රදේශයේ හිටපු ග්‍රාම නිලධාරියකුට ලබා දුන් අදාළ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළේය.

22 සංශෝධනයෙන් කෙරෙන්නේ ජනතාවගේ ප්‍රධාන අභිලාෂයක් ඉටු කිරීම බව කෘෂිකර්ම ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති මල් වට්ටියට අත ගසා පිනක් දහමක් කරගන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

වසර 16 ක සිර දඬුවම් ලද හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන කොළඹ 7 පදිංචි චිරාණි ලක්මන්ති හෙනරත් හෙට්ටිආරච්චි අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන සිංහල සහ දමිළ සියලුම පාසල් නිවාඩු ලබා දීමට අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් පියවර ගෙන ඇත.

යූ.අයි ග්‍රීන් මෙට්‍රික් විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමට අනුව පරිසරහිතකාමීත්වයට සහ සමාජ වගකීමට ප්රමුඛතාවදී කටයුතු කරන මෙරට විශ්ව විද්‍යාල අතර පළමු ස්ථානය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට හිමිව ඇත.

හැටන් රුවන්පුර ප්‍රදේශයේ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් කැබලි ලබා දෙන බවට පොරොන්දු වී විවිධ පුද්ගලයන්ගේ මුදල් ලබා ගත් හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරය අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශය කියයි.

වර්තමානයේ පොත් සඳහා පනවා ඇති එකතු අගය මත බද්දේ (වැට්) වෙනසක් සිදු කිරීමට එළැඹෙන අයවැයෙන් හැකිවෙතැයි විශ්වාස කරන බවත් ඒ සඳහා හැකි උපරිම උත්සාහය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගනු ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල් වත්ත ප්‍රදේශයේ පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය දෙකක පමණ කලායක් ඇනහිට තිබුණි.