
කොටුව - පේරාදෙණිය-ගම්පොළ කෝච්චි ගමන 2 දා සිට
උඩරට මාර්ගයේ කොළඹ කොටුව සිට පේරාදෙණිය, ගම්පොල දක්වා දුම්රිය ධාවනය ඔක්තෝබර් 2 දින සිට යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

උඩරට මාර්ගයේ කොළඹ කොටුව සිට පේරාදෙණිය, ගම්පොල දක්වා දුම්රිය ධාවනය ඔක්තෝබර් 2 දින සිට යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

සැප්තැම්බර් මාසයට අදාලව අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්රමයේ පළමු අදියරේ අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 616,755 දෙනෙකුට වැඩිහිටි දීමනාව රුපියල් කෝටි 308.3755 ක මුදලක් හා අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්රමයේ දෙවන අදියරේ අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 79 063 දෙනෙකුට වැඩිහිටි දීමනා රුපියල් කෝටි 39.5315 ක මුදලක් ඔක්තෝබර් 01 දින අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතය.

රත්ගම ප්‍ර දේශයේදී අද (28) සවස යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට නාදුනන තුවකක්කුකරුවකු කළ වෙඩි තැබීමකින් යතුරුපැදිකරු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය සැලවූ වහාම රත්ගම පොලිසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් විම්ර්ශන ආරම්භ කර ඇත. සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වක් චතුරශ්‍රය ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පුද්ගලික සමාගමට( krrish transworks colombo (pvt) ltd ) බදු දීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන නාමල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට එරෙහි නඩුව හෙට (29)දින කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (28) දින නියම කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේ පැවැත්වූ රැලියට නොදෙවෙනි රැලියක් පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා අරඹා ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පැවැසීය.

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවලට වරදකාරියව වසර දෙකක සිර දඬුවමකට හා රුපියල් ලක්ෂයක දඩ නියම වු රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශට අදාළ දඬුවම් නියම කිරීම පිළිබඳ නඩුව ඔක්තෝබර් 12 දින තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.

20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ දී හෙල්ල විසි කිරීම ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ මීට සුළු වේලාවකට පෙර සමත්විය.

ඉදිරි මාස තුන සඳහා රුපියල් කෝටි 4100 ක ඉන්ධන සහනාධාරයක් ලබාදීම සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

බද්දේගම, හල්පාතොට දී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි ‘අම්බලන්ගොඩ කළු නෝනි‘ නැමැති කාන්තාව සහ එම ත්‍රිරෝද රථයේ රියැදුරු වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි වෙඩික්කරුවන් මෝටර් රථයකින් ප්‍රවාහනය කළ බව කියන සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

මාලිමා ආණ්ඩුව නාමල් රාජපක්ෂ ගේ නමටත් බිය වී ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

කොළඹ නගරය පුරා මෙට්‍රෝ බස් සේවාව හෙට (29) සිට ව්‍යාප්ත කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

වසරේ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් නගරයේ සහ කැම්පියන් වතුයායේ පහළ කොටසට පානීය ජලය රැගෙන යන ප්‍රධාන ජල නළ පද්ධතිය පෙරේදා (27) දින රාත්‍රියේ ස්ථාන කිහිපයකින් කඩා විනාශ කළ තරුණයන් දෙදෙනෙකු බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂය එළි දැක්වූ ’’හරිත පත්‍රිකාව’’ මගින් ඉදිරි වසර 20ක කාලයක් සඳහා රට හරි මගට ගෙනයන සැලසුම් ඉදිරිපත් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවැසීය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වසර 200ක සිර දඬුවම් නියම කෙරුණු රැඳවියන් 15 දෙනා සිර මැදිරි කිහිපයක වෙන් වෙන්ව රැඳවූ බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ඇමෙරිකන් සංචාරයෙන් පසු, චීනය විසින් ඇමෙරිකාවට තෑගි කළ යෝධ පැන්ඩා වලසුන් දෙදෙනා, ඇමෙරිකාවට රැගෙන ඒම සිදුවිය.

නේපාලයේ, ‘හිම්ලුං හිමාල්’ කඳුවැටියේ හිම කඳු නායයෑමකින් 12 දෙනකු අතුරුදන් වුණු බවත්, අතුරුදන්වූවන්ගෙන් දෙදෙනකුගේ මළ සිරුරු හමුවුණු බවත් විදෙස් මාධ්‍ය පවසයි.

ඇමෙරිකාවේ ඊසානදිග ප්‍රදේශවලට මහ වැසි ඇද හැලෙයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ නිව්යෝර්ක් සහ බොස්ටන් යන නගර මහ වැසි හේතුවෙන් ජලයෙන් යටවී ඇති බවය.

අධිකරණයේ පෙනී නොසිටි ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා අද නියෝග කළේය.

යාපනය නල්ලුර් කෝවිල අසල වු ත්යාගන් තිලිපන් ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසකගේ හා තිලිපන් අනුස්මරණ කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් විරොධතාවක් පැවැත්විණි.