
ඩීසල් මිල වැඩි වුවද බස් ගාස්තු වෙනස් නොවෙයි
ඩීසල් මිළ ඉහළ දැමුවද බස් ගාස්තු වල වෙනසක් සිදු නොවන බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

ඩීසල් මිළ ඉහළ දැමුවද බස් ගාස්තු වල වෙනසක් සිදු නොවන බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි.

ආගමකට (ඉස්ලාම් දහමට) අපහාස කිරීමේ චෝදනාවට වරදකරුව මාස නමයක සිර දඬුවමක් නියම කළ නඩුවට පෙනී නොසිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (01) වරෙන්තු නිකුත් කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පහරදීම සම්බන්ධයෙන් නිදහස් ස්වාධීන විමර්ශනයක් කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (1) පැවසීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පහරදීම සම්බන්ධයෙන් නිදහස් ස්වාධීන විමර්ශනයක් කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (1) පැවසීය.

සහල් අපනයනය කරන බවට රේගුවට සඳහන් කරමින් මෙරටින් පිට කිරීමට සූදානම් වූ යකඩ මෙට්‍රික්ටොන් 15 කට අධික ප්‍රමාණයක් කන්ටේනරයක් පරීක්ෂා කිරීමෙන් අද (1) සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසීය.

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන නියෝජ්‍ය මහ කොමසාරිස්/පළමු ලේකම් රෝෂිණී තොම්සන් (Roshini Thomson) යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ජනගහන වර්ධන වේගය සහ උපත් අනුපාතිකය වාර්තාගත ලෙස පහත වැටීම හේතුවෙන්, සිංගප්පූරු රජය එරට, රාජ්‍ය සේවකයන් සඳහා, ‘ෆස්ට් ඩේට්’ නමින් මංගල සේවා ‘යෙදුමක්’ (ඇප්) හඳුන්වා දී ඇත. ඒ, නවතම ඒ.අයි. තාක්ෂණය ද යොදා ගනිමිනි.

පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ‘ෆ්ලයි ඩුබායි’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයේ සිටි, ඉන්දීය ජාතික ගුවන් නියමුවා වීරයකු බව පවසමින්, ඔහු ඇගයීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පමණක් නොව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද කටයුතු කර ඇත.

අගුලාන සුසාන භූමියේ කසල බැහැර කරන ටැංකියක් අසල අත් බෝම්බ දෙකක්, උන්ඩ තොගයක් තිබී හමු වූ බව අගුලාන පොලිසිය පවසයි.

පාර්ලිමේන්තුවේ සහකාර අධ්යක්ෂවරුන් (පරිපාලන) සිවු දෙනෙකු ඇතුළු උසස් නිලධාරීහු 18 දෙනෙක් අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි එහි වෙනත් අංශවලට මාරු කරනු ලැබ සිටිති.

මාපියන් විදෙස්ගත වීමෙන් දරුවන්ට ආර්ථික වාසි ලැබුණද, නිසි රැකවරණයක් නොමැතිවීම හෝ දිගු කාලයක් දෙමාපියන්ගෙන් වෙන්ව සිටීම හේතුවෙන් දරුවන්ට මානසික පීඩනය ඇතුළු ගැටලු ඇතිවිය හැකි බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත එමා බ්‍රිගම් මහත්මියගෙන් මෙරට ජාතික ළමා දිනය නිමිත්තෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් පසුගියදා ප්‍රකාශ කළාය.

ගාල්ල අම්බලන්වත්තේ නිවසක කාන්තාවකගේ හිසට වායු රයිෆල් උණ්ඩයක් වැදීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි

ලෝක ළමා දිනය අද දිනයට යෙදී ඇත. ඒ නිමිත්තෙන් විශේෂ වැඩසටහන් රැසක් රටපුරා සංවිධානය කර ඇතැයි ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය කියයි.

හෙල්ල විසි කිරීමේ ලෝක ශූර රුමේෂ් තරංග , ආසියානූ ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා දිවයිනට පැමිණියේය .

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (30) රාත්‍රී නිවේදනය කළේය.

රත්ගම මොන්රෝවියාවත්ත කටුපොල්කැල්ල ප්‍රදේශයේදි ඉකුත් 28 වැනි දින රාත්‍රි පුද්ගලයකුට වෙඩි තබා තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය පවසයි.

රුපියල් කෝටි 500 කට අධික වටිනාකමින් යුත් හොරයින් මත්ද්‍රවය තොගයක් මුහුදු මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කිරීමේ චෝදනාවකට ඉන්දියාවේ කොච්චි බන්ධනාගාර ගතව සිට කොච්චිහි අධිකරණයට රැගෙන යද්දී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැන ගිය සැකකරු වාද්දුව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

උතුරු පළාතේ සංචාරක ක්ෂේත්රය දියුණු කිරීමේ අරමුණින් මන්නාරමේ සිට රාම සේතු පාලම හෙවත් ආදම්ගේ පාලම ප්‍රදේශයේ පිහිටි වැලිපර අට සංචාරකයන්ට නැරබීම සදහා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට කටයුතු ආරම්භ කර තිබේ.

යුද, නාවික සහ ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටු කරන ලද සුවිශේෂ සේවාව වෙනුවෙන් උපහාර පිරිනැමෙන “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ලබන වසරේ මාර්තු මාසයේදී මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන අවසන් වූවායින් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන ආකාරය පිළිබඳව තිබෙන විකල්ප සම්බන්ධයෙන් රජය සාකච්ඡා කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානි වූ ශ්‍රී ලංකාවේ මාර්ග කිලෝමීටර් 600ක් යළි සකස් කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක මුදලක් අනුමත කර ඇත.