
ඉඳුරුවේ වෙඩි තැබීමක්: අයෙක් රෝහලට
ඉඳුරුව අකාඩිගොඩ මීට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කළ බවට තොරතුරු අනාවරණයවූ බව කොස්ගොඩ පොලීසිය කියයි.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

ඉඳුරුව අකාඩිගොඩ මීට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කළ බවට තොරතුරු අනාවරණයවූ බව කොස්ගොඩ පොලීසිය කියයි.

අභියාචනාධිකරණයෙන් හා මහාධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබ සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පිටිගල තවලම පාරේ ලෙනගිරි ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටියදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි

ලෝක ජනාවාස දින 2026 සැමරුම නිමිත්තෙන් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය පාපැදි සවාරියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අංක තහඩු සහ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳ විමර්ශනයක් පවත්වා සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දුෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ලබන 08 වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්වේ

ප්‍රවාහන අංශයේ වටිනාකම සඳහන් නොවන වාහන නවයක් අස්ථානගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ

අම්පාර මහා රෝහල ඉදිරිපිට අද (3) පෙරවරු 11.00 ට පමණ ත්‍රී රෝද රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මාරක අනතුරකින් කාන්තාවක මිය ගොස් තවත් තිදෙනකුට තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුළත් කළ බව අම්පාර පොලිසිය පවසයි.

විල්ගමුව පේරකනත්ත යායදහය ප්‍රදේශයේ නිවසකට වංචනික ලෙස විදුලිය ලබාගත්තේ යැයි කියන විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරියක රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි ලග්ගල මහේස්ත්‍රාත් එන් .එස්. ජයසූරිය මහතා නියෝග කළේය.

මේ වසරේ මුල සිට මේ දක්වා සමස්ත වෙඩි තැබීමේ සිද්ධීන් 41 ක් වාර්තා වී ඇති අතර මියගිය ගණන 23 කි. එම වෙඩි තැබීම්වලින් 21 දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

කතානායකවරයාගේ නිල නිවසේ භාණ්ඩ වට්ටෝරු පොත අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සේවකයන් අට දෙනෙකුට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.

මෙරට විශේෂ ආර්ථික කලාපයේ නැංගුරම්ලා තිබෙන ඉරාන නෞකාවලට ඉන්ධන සහ සැපයුම් ලබා දුන් නෞකාවලට සේවය සපයන සමාගම්වල ලංකාවේ නෞකා දෙකක් දෙවැනි වටයේ සම්බාධක හේතුවෙන් අසාදුලේඛනගතවී ඇතැයි ආරංචි මාර්ග අද (02) ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාර එල්ල කළ සහරාන් හෂිම් ඇතුළු ආගමික අන්තවාදීන් සමග එක්ව පුත්තලම වනාතවිල්ලුව ලැස්ටෝස් වත්තේ නීති විරෝධී ආකාරයෙන් ගිනිඅවි ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැස් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් තමන් වරද පිළිගැනීමට සූදානම් බව පාස්කු මහණඩුවේ විත්තිකරුවන් සමග චෝදනා ලැබ සිටින අනෙකුත් විත්තිකරුවන් දෙදෙනා එම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්හ.

තිසරපටේ සඟවාගෙන මක්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ වැල්ලම්පිටියේ කුඩු බට්ටි නමැති කාන්තාවට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළාය.

බලශක්ති වෙළඳපොළ තුළ ශක්තිමත් රාජ්‍ය පංගුවක් පවත්වා ගනිමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

හැටන්, දික්ඔය, ප්‍රදේශයේ වෙළෙදසලක පදිංචිව සිටි අඹුසැමි යුවළක් ඝාතනය කර පවුම් 18 ක් කොල්ලකෑවැයි පල්ලේකැලේ බන්ධනාගාරයේ රදවා සිටියදී අසනීප තත්ත්වයක් මත බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය සැකකරු යාපනය දුම්රිය නැවතුම් පොළ අසලදී අච අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.

හෙරොයින් මත්ද්‍රව්‍ය ලඟ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 11 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර අද (02) නියම කළාය.

කළුතර, කටුකුරුන්ද ලංකා–ජපාන මිත්‍රත්ව සංවිධානය (Japan Sri Lanka Friendship Society – JSFS) සහ ඊට අනුබද්ධ ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව පාසල ආරම්භ කර විසි වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ 20 වැනි සංවත්සර සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර, පැනරෝමා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා පසුගිය දිනක එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

සිරදඬුවම් ලද හිටපු ඇමති සරණ ගුණවර්ධනට අඩු දඬුවම් ලබාදීම සඳහා අල්ලස් ගත්තේ යැයි කියන කොළඹ මහාධිකරණයේ ආරච්චිවරයාට ආධාර අනුබල දෙමින් කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව ලද මිනුවන්ගොඩ දිසා මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ටාර්වරයා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) ජෙට් A-1 නළ මාර්ග පද්ධතියද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට (CPSTL) අයත් නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙකකද ඉදිකිරීම් ඇරැඹීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) ආරම්භ කෙරිණි.