
හිටපු මැති ඇමතිලා විස්සකගේ “ෆයිල්” අල්ලස් කොමිසමට
හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් තවත් විස්සකට ආසන්න පිරිසකගේ පරීක්ෂණ ලිපි ගොනු පොලිස් වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට මෑතදී බාර දෙනු ලැබ ඇත.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් තවත් විස්සකට ආසන්න පිරිසකගේ පරීක්ෂණ ලිපි ගොනු පොලිස් වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට මෑතදී බාර දෙනු ලැබ ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයකු සහ ජාතික ජන බලවේගයේ විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

‘අර්නාබ්’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මුහුදේදී සන්නිවේදන සබඳතා බිඳ වැටී, අතුරුදහන්ව සිටි “IMUL-A-0022 TLE” ධීවර යාත්‍රාව සහ එහි ගමන් ගත් ධීවර කාර්මිකයින් සිව්දෙනා පොතුවිල් වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී නිරුපද්‍රිතව බේරාගැනීමට සමත් වූ බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය පවසයි.

චීන රජයේ ආධාර යටතේ දිවයිනෙහි දිස්ත්‍රික් නවයක අබලන් පාලම් නවයක් අලුතින් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ගම්පහ , බෙම්මුල්ල අංක 5/3 දරණ පාලම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් සමාරම්භක උත්සවය අමාත්‍ය බිමල් රත්නායක , චීනයේ ශ්‍රී ලංකා තානාපති වේයි හුවා ෂියැං සහ අමාත්‍ය අනිල් ජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බෙම්මුල්ලේදී අද (1) සිදු කෙරිණි.

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය ‘‘සුළි කුණාටුවක්‘‘ දක්වා වර්ධනය වී ඇති අතර එය මුරාසු ලෙස නම් කර ඇත.

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පලා යාමට තැත් කළ රැඳවියකුට බන්ධනාගාර නිලධාරීන් තැබූ වෙඩි ප්‍රහාරයකින් එම රැඳවියා මියගොස් ඇති බව පල්ලෙකැලේ පොලිසිය කියයි.

කහටගස්දිගිලිය දිවුල්වැව පොලිස් වසමට අයත් මීමින්නාවල ප්‍රදේශයේ, කායන්ගොල්ලෑව වැව් රක්ෂිතය මායිමේ පිහිටි කුඹුරක් ආසන්න කැලෑබද ප්‍රදේශයක තිබී වන ඇතකුගේ මළ සිරුරක් සොයාගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඇමෙරිකා මධ්‍යවාර මැතිවරණය ලබන 3 වැනිදා පැවැත්වෙයි. මැතිවරණයට පෙර සිට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇමෙරිකන් පුරවැසියන්ට ඉඩ සලසා දී තිබුණු බැවින් මේ වනවිට මිලියන 43 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇත.

විනය ගරුක සහ ශක්තිමත් නායකත්වයක් තුළින් රටේ සංවර්ධනය වේගවත් කිරීමේ අරමුණින්, ඉතියෝපියා අග්‍රාමාත්‍ය අබි අහමඩ්ගේ අදහසකට අනුව, එරට කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් සඳහා විශේෂ හමුදා පුහුණු වැඩසටහනක් ආරම්භ කර ඇත.

ලොව විශාලතම ඩිජිටල් මුදල් හුවමාරු සමාගම වන බිනෑන්ස් සමාගමෙන් සොරකම් කළ ඇමෙරිකන් ඩොලර් බිලියන 6.3 ක අතිවිශාල ඩිජිටල් මුදල නැවත ලබාගැනීම සඳහා ඇමෙරිකන් රහස් ඔත්තු සේවය පැය 24 පුරා සක්‍රීයව ක්‍රියාත්මක වන බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි.

ජනතාවට හිරිහැරයක් හෝ පීඩාවක් ඇති වන ආකාරයේ කිසිදු අණපනතක් සම්මත කිරීමට වත්මන් රජය කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට රැස්වීම් හෙට (2) සිට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

‘කාවන්තිස්ස’ ඇතාගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් අඹන්පොළ, කහඹිලියාවැටියා වත්ත ප්‍රදේශයේ ඉදිකිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ. ප්‍රතිමාව ඉදි කෙරෙන එම ස්ථානය කාවන්තිස්ස

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ (ABU) 63වෙනි මහා සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) කොළඹදී පැවැත්විණි.

මහව ප්‍රධාන දුම්රිය හරස් මාර්ගය අනතුරු සංඥා විදුලි බුබුළු දල්වා වසා තිබියදී අන්තරාදායක ලෙස මෝටර් රථයක් සහ යතුරු පැදියක් ධාවනය කළ රියැදුරන් දෙදෙනකු එකී චෝදනාවට වරද පිලිගත් පසුව ඔවුනට මුදලින් රුපියල් 55000 ක දඩයක් මහව මහේස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න මෙනවිය නියම කළාය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින හෙද විදුහල්වල තුන් අවුරුදු උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ 2020 ශිෂ්‍ය හෙද කණ්ඩායමේ අභ්‍යාසලාභීන් 2819 දෙනෙකු තුන්වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස සෞඛ්‍ය සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (1)සිදු විය.

හම්බන්තොට වරාය පර්යන්තයේ ආනයනය කර නවතා තිබූ මෝටර් රථ අංගනයට අකුණු සැර වැදීමෙන් එහි නවතා තිබූ මෝටර් රථ එකළොහකට පමණ අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය පැවසීය.

රාජ්‍ය නිලධාරින්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටූප් සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා පත්කර ඇති ජනාධිපති කොමිෂන් සභාවට දුක් ගැනවිලි ගැටලු යෝජනා දොළොස් දහසක් පමණ ලැබී ඇත .

කොස්ලන්ද ගම්පහ ප්රාදේශයේදී අද 01 කබල්ලෑවකු රිංගා සිටි ගුහාවකට ඇතුළු වූ පුද්ගලයකු එහි සිරවී ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලිසිය පැවසීය.