
කලගුණයේ ලොකු වෙනසක් අනිද්දා වන විට නිර්මාණය විය හැකියි
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අනිද්දා(13) දිනය වනවිට අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අනිද්දා(13) දිනය වනවිට අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පෞද්ගිලික අංහයේ ඉන්ධන ඒකාධිකාරිය පවතින ප්‍රදේශ ආශ්‍රිතව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කොළඹදී පැවසිය.

2027 ජනවාරියේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩිවෙන අතර රුපියල් 38000 ක් ගත් ගුරුවරයකුගේ වැටුප රුපියල් 65000කට ආසන්න ප්‍රමාණයකට වැඩිවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකවැරටිය ජන රැළියේදී පැවසීය.

බන්ධනාගාර ගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමෙන් අනතුරුව අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත භික්ෂුන් වහන්සේලා චීවරය සහිතව බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යාමට කටයුතු කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

කොළඹ මාලිගා කුමන්ත්රණවලට මාලිමා ආණ්ඩුව බය වන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකවැරටිය ජනරැළිය අමතමින් අද (11)පැවැසීය.

නේපාලයේ ගොර්කා දිස්ත්‍රික්කයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් ගංගාවක් අවහිර වී ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයකින් පුද්ගලයන් පස්දෙනකු අතුරුදන් වී නිවාස සහ පාලම් රැසක් විනාශ වී ඇතැයි රොයිටර් පුවත් සේවය අද වාර්තා කළේය.

නිට්ටඹුව දංගොල්ලවත්ත, සුහද මාවත පිහිටි නිවසක් ඉදිරිපිටදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු බෑණනුවන් එල්ල කළ බව කියන පොලු පහරකින් බරපතල තුවාල ලැබූ අසූ හැවිරිදි මාමන්ඩිය වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.

අල්ලස්, දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු මැති ඇමතිවරුන් හිටපු මැති ඇමති බිරින්දෑවරුන් දරුවන් සහ ඥාතීන් ඇතුළු තවත් විස්සකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන පැවැත්වෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.

සියලුම විශ්ව විද්‍යාලවලට ළමයින් එකම දිනයකදී බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

කළුතර නාගොඩ ප්‍රදේශයේ හෝටලයකදී එහි හිමිකරුට සහ ඔහුගේ බිරියට වෙඩි තබා ඝාතනය කළ ප්‍රධාන වෙඩික්කරු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ලබන අයවැයෙන් පාසල් දරුවන් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වලට බදු සහන ලබාදීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් පවසයි.

රාජ්‍ය සේවකයන්ට 2027 අයවැයෙන් රුපියල් 25,000 ක අන්තර් කාලීන දීමනාවක් ගෙවීම සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මත පනවා අැති බදු ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් රජයට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ මධ්‍ය විධායක සභාව පසුගියදා තීරණය කළේය.

යුක්රේනයට නව ජනාධිපතිවරයකු පත්කර ගැනීමට කාලය පැමිණ ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ විශාල බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය මුහුදේ අටවා තිබූ බෝම්බයක ගැටීමෙන් පිපිරීමක් ඇතිවී විශාල ගින්නක් හටගෙන ඇතැයි ඉරාන ප්‍රෙස් ටීවී පුවත් සේවය පසුගියදා වාර්තා කළේය.

බන්ධනාගාර ගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් ඊයේ මහනුවරින් ආරම්භ කළ අධිෂ්ඨන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාවේ දෙවන දිනය අද කඩුගන්නාවෙන් ආරම්භ වේ.

අස්වැසුම ප්රතිලාභ වංචනික ලෙස තම නමට සහ තම ඥාතීන්ගේ නමට ලබා ගත් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් රැසක් විමර්ෂණයක් ආරම්භ කිරිමට ප්‍රථම ස්වේච්ඡාවෙන් ප්‍රාදේශීය ලේකම්වරයා හමුවේ වංචාවක් සිදු කළ බවට පිලිගෙන ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආරංචි මාර්ග කියයි.

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රාජකාරියේ යෙදි සිටි බන්ධනාගාර උපක්රමික බලකා නියාමකවරයකු ගංජා සන්තකයේ තබාගෙන සිටියදි අත් අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

කොල්ලකන ලද ලක්ෂ 15 කට වැඩි වටිනාකමින් යුතු, ස්මාට් ජංගම දුරකථ 29 ක්, සීසීටීවී කැමරාවක් සහ විදුලි සංචිතයන් ( පවර් බෑන්ක්) තුනක් සංතකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනකු, අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

කළුතර නාගොඩ ප්‍රදේශයේ හෝටලයකදී එහි හෝටල් හිමි කවුරු වෙඩි තබා ඝාතනය ඔහුගේ බිරියට බරපතල තුවාල සිදුකළ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩ බලන අටමස්ථානාධිපති ඊතල වැටුණුවැවේ ඥානතිලක නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තාය.